• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම
- මහපොළ භාරකාර අරමුදල විසින් සපයන ලද ණය මුදලක් යොදවා ආරම්භ කරන ලද, මාලඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), මේ වන විට තාක්ෂණය, ව්‍යාපාර හා ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්ට අදාළ උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි. දැනට එහි ශිෂ්‍යශිෂ්‍යාවෝ 7,000ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන අතර, මේ වන විට 9,000ක පමණ උපාධිධාරින් පිරිසක් එම ආයතනය විසින් බිහි කරනු ලැබ ඇත. ආයෝජකයින් ආකර්ෂණය කරගනිමින්, විදේශීය උසස් අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම ආයතනය තවදුරටත් වැඩිදියුණු කළ යුතුව ඇත. මහපොළ භාරකාර අරමුදලෙන් ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇති බව ද සැලකිල්ලට ගනිමින්, උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.