• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හැඩ ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ලාහුගල, පොතුවිල්, පානම සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ පොතුවිල් හා පානම සංචාරක කලාප සඳහා පානීය ජලය සපයනු ලබන ප්‍රධාන ජල මූලාශ්‍රය වන හැඩ ඔයෙහි වර්තමානයේ පවතින ජල ප්‍රවාහය එම පානීය ජල ඉල්ලුම සැපයීම සඳහා ප්‍රමාණත් නොවේ. හැඩ ඔය හරස් කර ජලාශයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඊට සමගාමීව හැඩ ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 'ස්විස් චැලෙන්ජ්' ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.