• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන ප්‍රවර්ධනය සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර එකඟතාවන්ට එළඹීම
- ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් 20160407 දින අත්සත් තබනු ලැබ තිබේ. එම අවබෝධතා ගිවිසුම යටතේ හඳුනා ගන්නා ලද ප්‍රමුඛතා ව්‍යාපෘති මත පදනම්ව සකස් කරනු ලැබ ඇති කාර්ය රාමු ගිවිසුමකට හා මධ්‍ය හා දිගුකාලීන සැලසුම් ආකෘතියකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තැබීම සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.