• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය
- මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් පාතදුම්බර, පූජාපිටිය, අකුරණ, හාරිස්පත්තුව, ගඟවටකෝරළේ හා තුම්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක ජනතාව වෙත සුරක්ෂිත පානීය ජල සම්පාදන පහසුකම් සැපයීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වාණිජ කොන්ත්‍රාත්තුවලට එළඹීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ආවරණය වන පරිදි සහනශීලි ණය මුදලක් ලබා දීමට චීනයේ අපනයනය ආනයන බැංකුව (EXIM Bank of China) එකඟ වී ඇත. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සදහා ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.