• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම
- ව්‍යසනකාරි කාලගුණික සංසිද්ධීන් හඳුනාගෙන නිවැරදි අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ජපන් යෙන් මිලියන 2,503ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 3,422ක්) ප්‍රදානයක් වශයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ සඳහා හුවමාරු පත්‍ර අත්සන් කිරීමට හා ප්‍රදාන ආධාර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.