• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පෙරසවි නිවාස ඉදි කිරීම
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් අවතැන් වූ පවුල් සඳහා නිවාස ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති පෙරසවි නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතිය නැවත ඇගයීමට ලක් කිරීම සඳහා පත් කරනු ලැබූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ නිර්දේශ මත පදනම්ව මූලික වශයෙන් එක් නිවසක් රුපියල් මිලියන 1.5ක පිරිවැයක් යටතේ නිවාස 6,000ක් ඉදි කිරීම පිණිස ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, පෙරසවි නිවාස 6,000ක් ඉදි කිරීමටත්, අවතැන් පවුල්වල ඉල්ලීම හා එකඟතාව මත එකී ඉදි කරනු ලබන නිවාස ලබා දීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එමෙන්ම උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල යුද ගැටුම් නිසා අවතැන් වූ පවුල් සඳහා ගඩොල් හා සිමෙන්ති භාවිතයෙන් ඉදි කිරීමට යෝජිත නිවාස 59,000ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරි කමිටුවක් පත් කිරීමටත් තීරණය කරන ලදී.