• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කරාපිටිය ශික්ෂණ රෝහල වෙත නිල සෙවණ නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස වෙන් කරවා ගැනීම
- කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලධාරින් 120ක් හා වෛද්‍ය නිලධාරින් 570ක් පමණ සේවය කරනු ලබන අතර ඔවුන් සඳහා ප්‍රමාණවත් නිල නිවාස නොමැති වීම බලවත් ගැටලුවක් වී ඇත. එසේම රෝහ‍ෙල් කඩිනමින් සිදු කිරීමට නියමිත සංවර්ධන කාර්යයන් කිහිපයක් සඳහා දැනට පවතින වෛද්‍ය නිල නිවාස 15ක් පමණ ඉවත් කිරීමටද සිදු වී ඇති බැවින් ඒ සඳහා ද කඩිනම් වැඩපිළිවෙලක් යෙදිය යුතුව තිබේ. මෙම කරුණු සලකා බලා ගාල්ල, වැකුණගොඩ, 'නිල සෙවණ' නිවාස යෝජනා ක්‍රමය ය‍ටතේ ඉදි කරනු ලැබ ඇති නිවාස 10ක්, රුපියල් මිලියන 38.7ක මුදලකට, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.