• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
- කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කළුතර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ ඉදි කිරීම් කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ තිබේ. අදාළ ගොඩනැඟිල්ලේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර එහි තුන්වන සහ හතරවන මහල්වල ඉදි කිරීම් කටයුතු ඇතුළත් දෙවන අදියරේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුව තිබේ. ඒ අනුව, මෙම ඉදි කිරීම් කටයුතු පිරිමැවුම් කර, ඉදි කර, භාර දීමේ පදනම මත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.