• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම පිණිස අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
- පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කෙරෙන මිලි ලීටර් 20 ද්‍රාවක වයල්ස් සමඟින් ට්‍රස්ටුසුමැබ් ඉන්ජෙක්ෂන් මිලිග්රෑම් 440 (440mg) වයල්ස් 2,500ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 360.25ක පිරිවැයකට, අවම ප්‍රතිචාරාත්මක ලංසුකරු වන M/s Pharmace (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.