• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු මෙහෙයුම්කරුවන්ට හා කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත යටතේ සාදන ලද රෙගුලාසි
- ජාත්‍යන්තරව නිර්දේශිත නැව් ගාස්තුවට අමතරව පර්යන්ත මෙහෙයුම් හා වෙනත් ගාස්තු අය කිරීම තහනම් කිරීමටත්, දේශීය ආනයන හා අපනයනකරුවන් ආරක්ෂා කිරීමටත්, ආනයන හා අපනය‍නයේදී බදු ගාස්තු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ජාතික ආර්ථිකයට ඇති වන අවසිදායක තත්ත්වය වළක්වාගැනීම සඳහා 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ප්‍රවාහනය කරන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු මෙහෙයුම්කරුවන්ට හා කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත යටතේ සකස් කරන ලද රෙගුලාසි අංක 1842/16 දරන 20131227 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් ගැටලු හා ඇතැම් පාර්ශවයන් විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාද සැලකිල්ලට ගෙන අදාළ නියෝග සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති සංශෝධිත රෙගුලාසි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.