• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම (මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 85ක් දක්වා වැඩි කිරීම)
- මෙරට අධිකරණවල විසඳා අවසන් නොකළ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් ඒවා කඩිනමින් අවසන් කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. 2017 මාර්තු මාසය වන විට සිවිල් අභියාචන මහාධිකරණවල නඩු 5,749ක්ද, වාණිජ මහාධිකරණවල නඩු 5,580ක්ද, මහාධිකරණවල නඩු 16,574ක් ද විභාග වෙමින් පැවති අතර එම නඩු කටයුතු විසඳීම සඳහා වර්තමානයේ මහාධිකරණවල සේවයේ යෙදී සිටින්නේ විනිශ්චයකාරවරුන් 75 දෙනෙකු පමණි. එබැවින් අදාළ නඩු කටයුතු විභාග කිරීම කඩිනම් කිරීම සඳහා දැනට අනුමත මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 75 සිට 85 දක්වා වැඩි කිරීමට හැකි වනු පිණිස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.