• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින වාරි ව්‍යාපෘති කිහිපයක වැඩ කඩිනමින් නිම කිරීම
- මිනිපේ වම් ඉවුර පුනරුත්ථාපනය, කිතුල් ජලාශය හා රූගම් ජලාශය ව්‍යාපෘති, කුඹක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හා මන්නාරම තරාපුරම් වැව යන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 600ක් 2017 අයවැය මඟින් වෙන් කරනු ලැබ තිබේ. එම ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 300ක් දැනටමත් මහ භාණ්ඩාගාරය විසින් නිදහස් කරනු ලැබ තිබේ. ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහන මඟින් මිනිපේ වම් ඉවුරු ඇළෙහි වැඩ සඳහා දැනටමත් අරමුදල් වෙන් කරනු ලැබ ඇති බැවින් සහ කිතුල් ජලාශය හා රූගම් ජලාශය ව්‍යාපෘති සඳහා මේ වසරේ තවදුරටත් ප්‍රතිපාදන අවශ්‍ය නොවන බැවින් එකී රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන, දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ගෝනගල තැන්න වැව ව්‍යාපෘතිය, ගුරුගල්ඔය වැව ව්‍යාපෘතිය, භූගත ජල අධීක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතියේ මොනරාගල දිස්ත්‍රික් යටිතල පහසුකම් නැංවීම යන ව්‍යාපෘතිවල වැඩ නිම කිරීම සඳහා භාවිත කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.