• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉමදූව නගර මධ්‍යයෙහි පිහිටි බිම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීම
- ඉමදූව නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයට හා පෞද්ගලික අංශයට අයත් ඉඩම් කොටස් කිහිපයක් අත්පත් කරගනු ලැබ ඇති අතර ඉන් රූඩ් 01යි පර්චස් 3.20ක ඉඩම් කොටසක්, ඉමදූව නගරයෙහි ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිහිටුවීමට අපේක්ෂා කරන විදුලි උපපොළ ඉදි කිරීම සදහා රජයේ තක්සේරු වටිනාකම අය කර ගැනීමට යටත්ව, ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.