• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2017
- 2010 වර්ෂයේ නොවැම්බර් මාසයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසු කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර අවම කිරීමේ ප්‍රයත්නයන් ගණනාවක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව, 2016 වර්ෂය තුළ ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3,500ක් වෙන් කරන ලදී. 2017 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,700ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ජල පොම්පාගාර ඉදි කිරීම, වගුරු බිම් සංරක්ෂණය, ගංවතුර තත්ත්ව අධ්‍යයන ආදී ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් ඇතැම් ව්‍යාපෘති දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ගංවතුර පාලන ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කර ගෙන යාම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.