• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නෙදර්ලන්ත ධජය සහිතව යාත්‍රා කරන වෙළඳ නැව්වලට ආරක්ෂාව සැලසීම පිණිස සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
- සෝමාලියා මුහුදු තීරයට ඔබ්බෙන් නෙදර්ලන්ත රාජ්‍යයේ ධජය සහිතව යාත්‍රා කරනු ලබන වෙළඳ නෞකාවලට ආරක්ෂාව සැලසීම සඳහා ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මකව පවතින නෙදර්ලන්ත රාජ්‍යයේ නාවික හමුදා අනුකණ්ඩයට අවශ්‍ය සේවාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ගාස්තු ගෙවීමේ පදනම මත ලබාගැනීම සඳහා නෙදර්ලන්ත රජය විසින් ඉල්ලීමක් කරනු ලැබ තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර නීතිවලට සහ දෙරටේ නීතිවලට අනුකූලව අදාළ සේවාවන් ලබා දීම පිණිස ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ නෙදර්ලන්ත රජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.