• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව‍ දේශීය ආදායම් පනත
- ආදායම් බදු නීතිය සරල කිරීම සහ නූතන තත්ත්වයන්ට ගැලපෙන පරිදි නැවත කෙටුම්පත් කිරීම සඳහා 2016 අයවැය මඟින් කරන ලද යෝජනාව පරිදි දේශීය ආදායම් පනත සරල සහ නව්‍ය ආකාරයෙන් කෙටුම්පත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති දේශීය ආදායම් නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්තිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.