• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සඳහා ජංගම විද්‍යාගාර උපකරණ කට්ටල මිල දී ගැනීම
- අ.පො.ස.(සාමාන්‍ය පෙළ) දක්වා පන්ති පැවැත්වෙන විද්‍යාගාර නොමැති පාසල් 3,000ක විද්‍යා අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් ජංගම විද්‍යාගාර උපකරණ කට්ටල සැපයීමට 2016 අයවැය මඟින් යෝජනා කරන ලදී. මේ සඳහා සුදුසු සැපයුම්කරුවන් තෝරා ගැනීමේ අරමුණින් ජාතික තරඟකාරී ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශිත ලංසුකරු වෙත ජංගම විද්‍යාගාර උපකරණ කට්ටල සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.