• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර මහ රෝහලේ අක්ෂි ශල්‍යාගාරය හා වාට්ටු ඉදි කිරීම (අදියර II)
- කළුතර මහ රෝහලේ දැනට පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අක්ෂි සායන සේවාවන් සහ රෝගී සත්කාර සේවාවන් පවත්වා ගෙන යාමේදී සිදුවන බාධා අවම කර ගැනීම උදෙසා අක්ෂි ශල්‍යාගාරය හා වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා ඉදිරිපත්ව ඇති ලංසුකරුවන් අතුරින් සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.