• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව, ඌව වෙල්ලස්ස සහ සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල දීර්ඝ කිරීම, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විෂයධාරව යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පහසුකම් සංවර්ධනය කිරීම, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත හා පොදු පහසුකම් පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.