• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - වල්ගම - දියගම(B452) මාර්ගය පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන 'කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය' යටතේ, වල්ගම - දියගම(B452) මාර්ගයේ කිලෝ මීටර් 7.06ක් දිගැති මාර්ග කොටසක් පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශය පරිදි ප්‍රතිචාරාත්මක අවම ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.