• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආනයන සෙස් බදු සංශෝධනය කිරීම
- දේශීය කර්මාන්ත දිරිගැන්වීමේ අරමුණින්, භාණ්ඩ කිහිපයක් සඳහා 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන පරිදි දැනට පනවා ඇති සෙස් බද්ද ඉවත් කිරීම සඳ‍හා ප්‍රකාශයට පත් කර ඇති 2017 මාර්තු 21 දිනැති අංක 2011/09 දරන අතිවිශෙෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.