• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්ජාතික ගිවිසුම් සඳහා ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කිරීම: 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම
- අන්තර්ජාතික ගිවිසුම් තුළ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන භාවිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ප්‍රතිපාදන ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන ලද අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.