• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හැටන් හි පිහිටා ඇති තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම
- වතුකරයේ තරුණ තරුණියන්ගේ කුසලතා හා වෘත්තීය දක්ෂතා වැඩිදියුණු කිරීමේ අරමුණින්, හැටන් හි පිහිටා ඇති තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 199ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී ඇත. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.