• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බුදුපුත් මාපිය උපහාර නිවාස වැඩ සටහන
- සසුන්ගත වී ඇති භික්ෂුන් වහන්සේලාගේ නිවාස අහිමි දෙමාපියන් හා පවුලේ සාමාජිකයින්ට නව නිවාස ඉදි කර දීම පිණිස 'බුදුපුත් මාපිය උපහාර නිවාස වැඩසටහන' නමින් ව්‍යාපෘතියක්, 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිර්දේශ පරිදි ප්‍රතිලාභී පවුල් හඳුනාගැනීමටත්, අවශ්‍ය ඉඩම් හඳුනාගෙන වර්ග අඩි 500ක උපරිමයක් යටතේ එක් නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 500,000/-ක උපරිමයකට යටත්ව ආධාර සැපයීමටත්, දිවයිනපුරා එවැනි තෝරා ගනු ලබන පවුල් 500ක් සඳහා මෙම වැඩසටහන යටතේ නිවාස ඉදි කරදීමටත් බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.