• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සූර්යබල සංග්‍රාමය' වැඩසටහන යටතේ රජයේ ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතිය
- රජයේ ආයතන පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලි හරිත බලශක්ති මූලාශ්‍රයන්ට පරිවර්තනය කිරීම සඳහා 2017 වර්ෂයේ අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 350ක් වෙන් කරනු ලැබ ඇත. මෙහි පළමු අදියර යටතේ, එම අරමුදල්වලින් 75%ක් භාවිතා කර සෑම දිස්ත්‍රික්කයම තෝරාගත් රජයේ රෝහල් සඳහා සූර්ය බලශක්ති ජනන කට්ටල සවිකිරීමටත්, ඉතිරි 25%ක ප්‍රමාණය භාවිතා කර පිරිවැය බෙදා ගැනීමේ පදනම මත තෝරාගත් රජයේ ආයතන සඳහා සූර්ය බලශක්ති ජනන කට්ටල සවිකිරීමටත්, ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.