• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේවල පවතින සංඝටක ක්ෂණිකව පරීක්ෂා කිරීමට ජපන් තාක්ෂණය යොදා ගනිමින් විශ්ලේෂණ උපකරණයක් හඳුන්වා දීම පිණිස නිරවද්‍යතාව තහවුරු කරගැනීමේ සමීක්ෂණයක් සිදු කිරීම
- ශ්‍රී ලංකාවේ තේවල පවතින සංඝටක ක්ෂණිකව හඳුනාගැනීම සඳහා ජපන් තාක්ෂණය යොදා ගනිමින් වි‍ශ්ලේෂණ උපකරණයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සහ ජපානයේ කවසාකි කිකෝ සීමාසහිත සමාගම එකඟතාව පළ කර ඇත. ඒ සඳහා දැනටමත් සකසා ඇති විශ්ලේෂණ උපකරණයක් සුදුසු පරිදි වැඩි දියුණු කිරීම සඳහා නිරවද්‍යතාව තහවුරු කරගැනීමේ සමීක්ෂණයක් ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට සැලැසුම් කර ඇති අතර එම සමීක්ෂණය සඳහා සහයෝගිතා ආයතන වශයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කරනු ඇත. ඒ අනුව, මෙම සමීක්ෂණය සිදු කිරීම පිණිස එකී ආයතන සමඟ එකඟතා ගිවිසුමකට එළඹීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.