• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙරළෙන් ඔබ්බෙහි පිහිටි මුහුදු වැලි කැණීම හා පොම්ප කිරීම සහ ඉදිකිරීම් කර්මාන්තය සඳහා වැලි සැපයීම
- ඉදි කිරීම් කර්මාන්ත සඳහා යොදා ගනු ලබන ගංඟා වැලි හිඟය නිසා එම වැලි මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙයට විකල්පයක් වශයෙන් වෙරළෙන් ඔබ්බෙහි පිහිටි මුහුදු වැලි ලබා ගෙන පිරිපහදු කර අලෙවි කිරීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කටයුතු කරනු ලැබ ඇති අතර ඒ සඳහා වැලි කැණීම් බලපත්‍රයද ලබා ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ 2017 වර්ෂයේදී මුතුරාජවෙල ප්‍රදේශයේ වෙරළට කිලෝමීටර 10 -16 පමණ ඔබ්බෙන් පිහිටි ප්‍රදේශයෙන් වැලි ඝන මීටර මිලියන 4ක් කැණීමට සහ පොම්ප කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, මුහුදු වැලි කැණීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.