• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වයංක්‍රීය හා උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර හා උපකරණ ආනයනය කිරීමේදී මූල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම
- කිසියම් ව්‍යාපාරයක ඵලදායීතාවය වැඩි කිරීම සඳහා ඉවහල් වන යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමේදී ඒ සඳහා අය කරනු ලබන වරාය සහ ගුවන්තොටුපළ බද්දෙන් (PAL) 75%ක් අඩු කිරීමට‍ 2017 අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. රජය විසින් ලබා දෙනු ලබන මෙම මූල්‍ය අනුග්‍රහය ලබාගැනීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු වේ. ඒ අනුව, ඉදිරිපත් වන අයදුම්පත්‍ර පරීක්ෂා කර බලා, සුදුසු නිර්දේශ ලබා දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.