• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර තාක්ෂණ විද්‍යාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම
- අම්පාර තාක්ෂණ විද්‍යාලය කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අතර දැනට එහි ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම් (NVQ) 03, 04, 05, සහ 06 මට්ටම්වලට අදාළ පුහුණු පාඨමාලා පවත්වා ගෙන යනු ලැබේ. සිසු සිසුවියන් 1000කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව මෙම තාක්ෂණ විද්‍යාලය සඳහා බඳවා ගනු ලැබේ. 2013 වර්ෂයේ පැවති දැයට කිරුළ වැඩසටහනට සමගාමීව මෙම තාක්ෂණ විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ගොඩනැඟිලි කිහිපයක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ යටතේ දේශනශාලා, නේවාසිකාගාරය අර්ධ වශයෙන් ඉදි කරනු ලැබ ඇත. මේ පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ පරිදි 2017 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන මඟින් මෙම ඉදි කිරීම්වල ඉතිරි වැඩකටයුතු නිම කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.