• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාගර විශ්වවිද්‍යාලයේ පානදුර මධ්‍යස්ථානය සඳහා මහල් හතරකින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- සාගර විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ප්‍රාදේශීය මධ්‍යස්ථාන 08ක් මට්ටක්කුලිය, කළුතර, ගාල්ල, තංගල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය හා මීගමුව යන ප්‍රදේශවල පවත්වා ගෙන යන අතර, එම මධ්‍යස්ථාන මඟින් ධීවර හා නාවික ක්ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් පවතින ක්ෂේත්‍ර සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 05 සහ 06 මට්ටමේ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා පවත්වා ගෙන යනු ලබයි. නාවික සන්නිවේදනය, කිමිදීම, දිය යට වෑද්දුම් ශිල්පය, නාවික යාත්‍රා නිපදවීම වැනි ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයින් සඳහා මේ වන විට ඉහළ ඉල්ලුමක් පවතී. කළුතර දිස්ත්‍රික්කයේ, දෙදියවල පවත්වා ගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් නොමැති බැවින් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, උයන්කැලේ ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් ඉඩමක සාගර විශ්වවිද්‍යාලයේ නව ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ හා අනෙකුත් යටිතල පහසුකම් සපයා දීමටත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.