• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, පාරම්පරික වෛද්‍ය ක්‍රම සහ හෝමියෝපති ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඇති කරගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ඉන්දියාව නවීන තාක්ෂණික ක්‍රමෝපායන් තුළින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේද ඉහළ දියුණුවක් අත්කර ගෙන ඇති අතර, එම වෛද්‍ය ක්‍රමයන් ශ්‍රී ලංකාව තුළද ප්‍රචලිතව ඇත. විකල්ප වෛද්‍ය ක්‍රමයන් පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් සලසාදීම තුළින් ලාභදායී, ආරක්ෂාකාරී සහ අතුරු ආබාධ රහිත ප්‍රතිකාර ක්‍රම සඳහා මහජනතාව යොමු කිරීමට හැකියාව පවතී. ඒ අනුව, ආයුර්වේද, හෝමියෝපති ඇතුළු වෙනත් වෛද්‍ය ක්ෂේත්‍රයන්ට අදාළ දැනුම හා තාක්ෂණය හුවමාරු කරගැනීමටත්, එම ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කරගැනීමටත් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.