• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජල සේවා කර්මාන්තය සඳහා රෙගුලාසි
- ජල පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත්, ජල සේවා කර්මාන්තයට ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහාත්, ඵලදායී නියාමනයක් අවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ජල සේවා කර්මාන්තය‍ට අදාළ ආර්ථික හා තාක්ෂණික නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම වෙත දැනට පැවරී ඇති අතර, පළාත් පාලන ආයතන මඟින් හා ප්‍රජා මූල සංවිධාන මඟින් සපයනු ලබන ජල සේවාවන් ඒ යටතට අයත් නොවේ. එබැවින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය 'ක්‍රියාකරු' සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව 'නියාමක' වශයෙන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ ජල සේවා කර්මාන්තය විධිමත් කිරීමත්, ඒ සඳහා ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සැකසීමත් අරමුණු කරගනිමින් ජල සේවා කර්මාන්ත පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.