• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක සංවර්ධනයක් උදෙසා බකමූණ බස් නැවතුම්පොළ නව ස්ථානයක ඉදි කිරීම
- දිවයිනේ ප්‍රධාන නගර හා උප නගරවල මගී ජනතාවගේ පහසුව සඳහා බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව රජරට නවෝදය පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ බකමූණ නගරයේ නව බස් නැවතුම්පොළක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා ඉඩම් කොටසක් ලබා දීමට බකමූණ ප්‍රාදේශීය සභාව එකඟ වී ඇති අතර එකවර බස් රථ 07ක් පමණ නැවැත්වීමට පහසුකම් සහිතව මෙම බස් නැවතුම්පොළ ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 50ක ඇස්තමේන්තුගත පිරිවැයකින් බකමූණ බස් නැවතුම්පළ ඉදි කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.