• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණය කිරීම
- උතුරු ප්‍රදේශයේ වෙළඳ ක්‍රියාකාරකම් දිරිගැන්වීම සඳහා කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණය කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. එම වරාය ඉන්දියාවේ නැ‍ඟෙනහිර ප්‍රදේශයේ පිහිටි සියලුම වරායන්ට හා ‍මියන්මාරය සහ බංග්ලාදේශය යන රටවල්වලටද ආසන්නතම වරාය වේ. මෙම වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 45.27ක ණය මුදලක් ඉන්දියානු අපනයන - ආනයන බැංකුව මඟින් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී ඇති අතර ව්‍යාපෘතියේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව, අදාළ ණය කොන්දේසි සම්බන්ධයෙන් ඉන්දියානු අපනයන - ආනයන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.