• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෝරාගත් දිස්ත්‍රික්ක 3ක භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය
- භූගත ජල සම්පත පරිහරණය ශීඝ්‍රයෙන් ඉහළ යාමත්, ජල දූෂණය හේතුවෙන් ජල සම්පත තර්ජනයට ලක්වීමට ඇති අවකාශයත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූගත ජලය නිසි කළමනාකරණයකට ලක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. මේ සඳහා භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබඳ කාලීන දත්ත සපයා ගැනීම අවශ්‍ය වන අතර, ඒ සඳහා දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 03ක 'භූගත ජල විමංසන ජාලයක්' ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් භූගත ජලය දූෂණය වීම හේතුවෙන් වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ගංගා ද්‍රෝණි තුනක භූගත ජල විමංසන ජාලයක් ඉදි කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 20.63ක් වන අතර එයින් 85%ක ප්‍රමාණයක් මූල්‍යනය කිරීම සඳහා නෙදර්ලන්තයේ රබෝ බැංකු‍ව එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නෙදර්ලන්තයේ රබෝ බැංකු‍ව සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.