• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනයෙන් මුල්‍යාධාර ලබා ගැනීම
- මෙරට විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, මධ්‍යම වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සුහුරුජාල හා මනුකරණ වැඩිදියුණු කිරීම මඟින් බලශක්ති කාර්යක්ෂමතාව ඇති කිරීම යන උප ව්‍යාපෘති 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - දෙවන අදියර සඳහා වැය වන ඇමරිකානු ඩොලර් මිලියන 260ක සමස්ත පිරිවැයෙන් කොටසක් දැරීම පිණිස යුරෝ මිලියන 30ක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) එකඟවී ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා එම ආයතනය සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.