• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය
- බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බත්මැඩිල්ල අමුණට ඉහළින් උමාඔය හරස් කර යෝජිත තල්පිටිගල ජලාශය ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් බත්මැඩිල්ල ව්‍යාපාරය සඳහා වාරි ජලය සැපයීමට අපේක්ෂා කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය මඟින් කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාසනාගම, මඩුල්ල, තැටිල්ල සහ බෙරමඩ යන ගම්මානවලට පානීය ජලය සැපයීමටත්, ගිගාවොට් පැය 51ක ජල විදුලිබලයක් වාර්ෂිකව උත්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටත් යෝජිතය. ඇමරිකානු ඩොලර් මිලියන 174ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙහි ඇස්තමේන්තුගත පිරිවැයෙන් 85%ක් සඳහා අරමුදල් සැපයීමට චීනයේ අපනයන ආනයන බැංකුව එකඟවී ඇති අතර එම ණය මුදල ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.