• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රතිසන්ධානය හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන්ට පීඩා ගෙන දෙමින් දශක තුනක කාලයක් පුරා පැවති ගැටුම්කාරී තත්ත්වය නැවත ඇති නොවීම පිණිස පිළියම් සොයමින් හා රටේ සියලු ජනතාවගේ එකමුතුව හා සාමකාමී සහජීවනය ඇති කරන සහයෝගී අනාගතයක් වෙනුවෙන් මාර්ගෝපදේශ දක්වමින්, සංහිඳියාව හා සහජීවනය සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තිය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත 'ප්‍රතිසන්ධානය හා සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් සකස් කරනු ලැබ ඇත. මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; සහ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ම‍නෝ ගනේෂන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.