• Increase font size
  • Default font size
  • Decrease font size

2017-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීම
- වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි 1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ තිබේ. පුපුරණ ද්‍රව්‍ය සපයන්නන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ විධිවිධාන සහ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක වලංගු කාලය සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීමත්, 'අතිරේක පුපුරණ ද්‍රව්‍ය පාලක' නමින් තනතුරක් ඇති කිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් එම කමිටුව විසින් යෝජනා කරනු ලැබ ඇත. එම නිර්දේශ ඇතුළත් කරමින් 1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනතට අදාළ සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.