• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය වැඩි දියුණු කිරීම
- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ (B435) මාර්ගයේ කි.මී.2.90 සිට කි.මී. 4.20 දක්වා සහ කි.මී.5.44 සිට කි.මී. 7.70 දක්වා වන මාර්ග කොටස් වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Komuthi-HCM Engineering JV වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.