• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පානදුර සහ පහළයාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම
- දේශීය සහ විදේශීය ශ්‍රම වෙළඳපොළට සරිලන පරිදි කාර්යක්ෂම නිපුණතා අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ පානදුර ප්‍රදේශයේ රුපියල් මිලියන 370ක වියදමින් සහ පහළයාගොඩ ප්‍රදේශයේ රුපියල් මිලියන 170ක වියදමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් ඉදි කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය උපදේශක සේවා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ලබාගැනීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.