• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 අංක 02 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට සංශෝධන - (රැඳවියන්ගේ අයිතිවාසිකම් - නීතිඥවරයෙකු වෙත ප්‍රවේශ වීම)
- 2013 අංක 02 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය අනුව එය 2017 මා‍ර්තු මස 03 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් රැඳවියෙකු සතු අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය තවදුරටත් විධිමත් කරමින් සංශෝධනය කිරීම යෝග්‍ය බවට යෝජනා වී ඇති අතර, එකී යෝජිත සංශෝධන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළත් කරනු ඇති බවට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.