• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීතොටමුල්ල අපද්‍රව්‍ය බහාලුම් ස්ථානයේ සිදු වී ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහ සැලසීම
- මෙම කරුණ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යවරුන් සහ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2017 අප්‍රේල් 16,19 හා 21 දිනවල පැවති රැස්වීම්වලදී ගනු ලැබූ තීරණ පරිදි ආපදාවට ලක්වීම නිසා නිවාස අහිමි වූ පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් රජයේ වියදමින් ක්‍රියාත්මක කිරීමටත්, අවදානම් ස්ථානවලින් ඉවත් කරනු ලබන පවුලක් වෙනුවෙන් මාස තුනක(03) උපරිමයකට යටත්ව මසකට රුපියල් 50,000/-ක් බැගින් වූ ගෙවල්කුලී දීමනාවක් ලබා දීමටත්, ස්ථිර නිවාසවල පදිංචියට යන පවුල් වෙත ප්‍රවාහන දීමනාවක් ලබා දීමටත්, දැනට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින පවුල් වෙත ඔවුන් ස්ථිර නිවසක පදිංචි වන තෙක් වියළි සලාක හා අනෙකුත් ආධාර ලබා දීමටත්, ආපදාවට ලක් වූ නිවාස සඳහා ගෘහ උපකරණ මිල දී ගැනීමට රුපියල් 250,000/-ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර ලබා දීමටත්, ආපදාවට ලක් වූ පවුල්වල පාසල් සිසුන් සඳහා නිල ඇඳුම්, පාසල් පොත් සහ උපකරණ ලබා දීමටත්, මෙම ආපදාවට ලක් වූ ස්ථානය අවදානම් කලාපයක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.