• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව කොම්පෝස්ට්/බලශක්තිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය
- මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සහ විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා එම ව්‍යාපෘති භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත වන්දි ලබා දී ඉවත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය යටතේ නිපදවනු ලබන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය මඟින් නිශ්චිත අයක්‍රමයක් යටතේ මිල දී ගැනීමට අදාළව එකඟතාවකට එළඹීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.