• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි නගර අලංකරණය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා කාර්යසාධන බලකායක් හා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීම
- කොළඹ නගරයේ හා තදාසන්න නගරයන්හි පළාත් පාලන ආයතන විසින් ඝන අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කිරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුසහගත තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ සෘජුවම සම්බන්ධ වන රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් කසළ කළමනාකරණය සඳහා වන කාර්යසාධන බලකායක් සහ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත්, ඊට සමගාමීව කසළ කළමනාකරණයට අදාළව විධිමත් ක්‍රමවේද හා කසළ බැහැර කිරීමේ විධි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.