• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීම
- කොළඹ නගරයේ එකතු වන කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටවුක් රජය විසින් පත් කරනු ලැබ ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ කළමනාකරණ පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, මුතුරාජවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05ක භූමි ප්‍රමාණයක් තුළ දිනකට කසළ මෙට්‍රික් ‍ටොන් 400ක් පමණ කළමනාකරණය කළ හැකි සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.