• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ත්‍රස්තවාදය මැඩලීමේ යෝජිත පනත සඳහා වන ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුව
- 2017 අප්‍රේල් මස 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, ආරක්ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහ අනෙකුත් අමාත්‍යවරුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන, සංශෝධනය කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ත්‍රස්තවාදය මැඩලීමේ යෝජිත පනත සඳහා වන ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර එම ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුව අනුමත කිරීමටත්, එය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ත්‍රස්තවාදය මැඩලීමේ යෝජිත පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.