• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ඉන්දියානු ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දෙරට විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විධිමත් ගිවිසුම්වලට එළඹීමට පෙර අදාළ පාර්ශ්වයන් විමසමින් අදාළ එක් එක් අමාත්‍යාංශ විසින් වෙන වෙනම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කෙරෙනු ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.