• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිළියන්දල කහපොල ඉදිකිරීමට යෝජිත බෞද්ධ මධ්‍යස්ථානය
- 2017 - ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව බුද්ධශාසන අමාත්‍යාංශය සහ ලයිට් ඔෆ් ඒෂියා පදනම එක්ව දඹදිව ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ලයිට් ඔෆ් ඒෂියා පදනම විසින් දැරීමට නියමිත අතර ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු ජාත්‍යන්තර වෙසක් දින සැමැරුම් උත්සවයට සමගාමීව අවසන් කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන එකඟතා ගිවිසුමකට ලයිට් ඔෆ් ඒෂියා පදනම හා බුද්ධශාසන අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.