• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන
- මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2017 - ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති විශේෂ සංස්කෘතික වැඩසටහන 2017 මැයි මස 12 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද, 2017 මැයි මස 13 දින නෙළුම් පොකුණ රඟහලේදී ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.